කදුරට ජනතා පෙරමුණේ සහය සජිත්ට

කදුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති අපෙක්ෂක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට  ලබාදිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තිරණය කර ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ  හැටන් සහ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල් වල 2023 වසරේ පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් සහ තිළිණ ලබාදිමේ උත්සවයකට සහභාගි වෙමිණි.

මෙම උත්සවය හැටන් කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්විණ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ තම පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තිරණය කිරිම සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මේ මස (08) දින ප්‍රකාශයට පත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *