උසාවියේ වැරදිකරුවන් පාර්ලිමේන්තු ආ රටක උපාධිය ප්‍රශ්න කිරීම සතුටුයි

අධිකරණය තීන්දුවකින් වැරදිකරු වූ අය පවා පාර්ලිමේන්තු යැවූ දේශපාලන සංස්කෘතියක් තිබූ රටක මන්ත්‍රීවරුන්ගේ උපාධිය ප්‍රශ්න කරන තරමට පුරවැසි මනස දියුණු වීම ගැන සතුටු වන බව අලුත් පියාපත් සංවිධානය පවසයි. 

මාස කිහිපයකට පෙර අප පසු කර පැමිණියේ කල් ඉකුත් වු බෙහෙත් ගෙන්වූ දේශපාලකයින් රජ කළ දේශපාලන ක්‍රමයක් පැවති රටක් බව අමතක කළ යුතු නැතැයි ද  අලුත් පියාපත් සංවිධානය කියයි.

පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර ජනතාව සමග සම්මුතියකින් කටයුතු කිරීමේ ආණ්ඩුවේ ප්‍රවේශය ඉතා අගය කර සිටින බව කී අලුත් පියාපත් සංවිධානය පාර්ලිමේන්තුවේ  බහුතර බලයක් තිබියදීත්  අසෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව තම සංවිධානය ප්‍රසාදය පළ කරන්නේ යැයිද කියයි.

මින් ඉදිරියට සියළු මහජන නියෝජිතයින්ට ජනතාව ඉදිරියේ සිය අවංකභාවට පෙන්වීමට සිදුවන බවද එම සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම මාධ්‍ය හමුව සදහා අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන නිර්මාණ වීරසිංහ, සුපුන් විජේරත්න, ඉර්ශාඩ් නියාස් මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *