කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ

කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා ජනාධිපතිවරයාට බාරදීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  එම ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට යොමු කරනු ලැබිය යුතු බව  සඳහන්වේ.

සිය  ආචාර්ය උපාධියට අදාළව පැන නැගුණු අර්බුදය හමුවේ රන්වල මහතා කතානායක     ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ  නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඔහු කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකටත් අඩු කාලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *