කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් කතරගම පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.
සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තම පියා ඔහුගේ වැඩිමල් සහෝදරියෙකු සමඟ පසුගිය දා නිවසින් පිටත්ව ගිය අතර මේ දක්වා ඔහු පිළිබඳ තොරතුරක් නොමැති බව දියණියන් පොලීසිය වෙත දැනුම් දී තිබේ.
කෙසේවෙතත් අදාළ පැමිණිල්ල විමර්ශනය සඳහා පැමිණිලිකාර පාර්ශවයට සහ විත්තිකාර පාර්ශවයට පොලීසිය වෙත අද දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
එහෙත් විත්තිකාර පාර්ශවය ප්‍රකාශ කර ඇත්තේ, හෙට දිනයේ දී කතරගම පොලිස් ස්ථානය වෙත පැමිණෙන බවය.
ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට ලබාදුන් පවුම් 38ක බරකින් යුත් රත් තැටියක් අතුරුදන් වීමේ සිද්ධිය අනාවරණය වීමෙන් පසු දේවාලයේ ප්‍රධාන කපු මහතා මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කණ්ඩායම් එම සිද්ධියට අදාළව කතරගම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ චුටි කපුරාළ නැමැත්තා අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැරියේය.