බෞද්ධ හා හින්දු භක්තිකයන්ගේ අතිශයින් පූජනීයත්වයට පත් කතරගම දේවාලයට බැතිමතෙකු විසින් පරිත්‍යාග කළ රන් පවුම් 38 කින් සාදන ලද රන් බන්දේසියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් ‘චූටි කපුවා’ නමින් හැඳින්වෙන කතරගම දේවාලයේ ගිහි භාරකරු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඊයේ පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ‘චූටි කපුවා’ පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි එහි උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
ප්‍රධාන සැකකරු වන සොමිපාල ටී රත්නායක නැමැත්තා සිටින ප්‍රධාන භාරකරු පිළිබඳව තවමත් තොරතුරක් නොමැති බව එම නිලධාරියා පැවසීය.
භාරකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට CCD විශේෂ කණ්ඩායමක් දෙසැම්බර් 11 වන දින කතරගමට යවා ඇතත් ඔවුන් දේවාලයෙන් පලා ගොස් ඇති බැවින් හිස් අතින් ආපසු පැමිණියහ.
මෙම රන් බන්දේසිය දේවාලයට පූජා කර තිබුණේ ඉන්දියාවේ දී මියගිය බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා විසිනි. 2019 ජූලි 03 වන දින දේවාලයට පූජා කරන ලදී.
පරීක්ෂණවලට අනුව ප්‍රධාන භාරකරු එම පූජාව පිළිගෙන තම කාමරයේ තබා ඇත.