කඩ වසා හර්තාල්…

ජිවන වියදම ඉහල යාම,ඉන්ධන සහ ගැස් හිගය , විදුලි කප්පාදුවට එරෙහිව හැටන් කොටගල නගරයේ වෙලද සංගමය (06) දින සියළුම වෙලදසැල් වසා දමා කළු කොඩි පැළද කොටගල නගරයේ පෙලපාලියක ගමන් කරමින් උද්ඝෝෂණයක නිරත විය.

කොටගල වෙලද සංගමයේ සියළුම සමාජිකයන් කොටගල නගරයේ පිහිටි ශ්‍රි මුත්තු විනායගර් හින්දු කොවිල වෙත පැමිණ රජයට එරෙහිව පොල් ගසා පසුව කළු කොඩි පැළද කොටගල නගරයේ පෙලපාලියක ගමන් කරමින් උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂණය සංවිධානය කල කොටගල වෙලද සංගමයේ සභාපති  විශ්වනාදන් පුෂ්පා මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට රජය විසින් ලබාදෙන බවට පොරොන්දු වු රු දහසක වැටුප වතු කම්කරුවන් විශාල පිරිසකට නොලැබෙන බවයි.

ඩිසල් ඉන්ධන නොමැති නිසා කොළඹ සිට කොටගල දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිමට නොහැකි තත්ත්වය හමුවේ තම වෙලදසැල් වල අලෙවි කිරිමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග නොමැති බවයි.

රටේ ජනතාව පිඩාවට පත් වි සිටින අවස්තාවේ රාජපක්ෂ පවුල මව්බිමෙන් සොරකම් කරන ලද මුදල් ආපසු රටට යලි භාර දි දේශපාලනයෙන් සමුගෙන මේ රටින් පිටවිය යුතු බවයි.

රාජපක්ෂ පාලනය අවසන් කරන තෙක් තම සටන අත්නොහරින බවද කොටගල වෙලද සංගමයේ සභාපතිවරයා පැවසිය.

මෙම උද්ඝෝෂණයට කොටගල ත්‍රිරෝද රථසංගමයද සහයෝගය දක්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *