කඩුවෙලදී සංවිධානාත්මක අපරාධකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට

ගොතටුව, මහරගම, කඩුවෙල සහ කහතුඩුව ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ත් 43 ත් අතර වයස්වල පසුවන්නන් බවයි.

සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද යතුරුපැදි හතරක්, ත්‍රිරෝද රථයක්, අපරාධවලදී මහජනතාව බිය ගැන්වීමට භාවිත කරන වායු රයිෆලයක්, දේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන ඇත.

මෙම සැකකරුවන් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ගැනීම්වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

හලාවත – කොස්වත්ත ප්‍රදේශයේදී හිමිනමකට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙකු අවශ්‍යව සිටි අයෙකු බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.

සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මාර්තු මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 බැගින් මත මුදා හැර තිබෙනවා. ලක්ෂ 10ක ශරීර ඇප.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *