සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිටවිය නොහැකි යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවසීය
ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකම නව පරිවර්තනයක් පිබිදීමක් අවශ්‍යයි කී ඒ මහතා රටක් රඳා පවතින්නේ පද්ධතියක් සේ සැලකෙන තාක්ෂණවේදීන් ඉංජිනේරු වෘත්තිකයින් ආදී සියලු දෙනා ම ඒ රටේ දේහය බවට පත් කර ගැනීමෙන් බවද කිය
ඒ මහතා ඒ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර හෝටලයක පැවති ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව අමතමිනි.
දිසානායක මහතා එහිදී මෙසේද කීය
අපේ පාලකයින් අතීතකාමයෙන් අපේ ජාතියේ සිරකර තිබෙනවා ශ්‍රී ලංකාව ලෝකයෙන් ඈත් කර තිබෙනවා ලෝකය ේ වේගයෙන් ගමන් කරමින් තිබෙන විට ඒ පසුපස ඉබිගමනින් යනවා මේ තත්ත්වය දත්ත මත ආනයන අපනයන මත තාක්ෂණික දුප්පත්කම ඇතුළේ පමණක් තියෙන දෙයක් නොවෙයි එය සමාජයේ ව්‍යසනයක් ඛේදවාචකයක් බවට නිර්මාණය කරනවා