කටුනායක ගුවන් තොටේ දෙවන පර්යන්තයට ‘ජයිකා’ සහය නැවතත්

ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් බවට ප්‍රකාශය කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ දෙවන පර්යන්ත ව්‍යාපෘතිය සඳහා ‘ජයිකා’ ආයතනය සහන ණය වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල ක්‍රියාත්මක කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා සහය දීමට ”ජයිකා” ආයතනයේ ජයිකා ආයතනයේ සභාපතිවරයා එකඟතාව පළකර බව ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

‘ජයිකා’ ආයතනයේ සභාපති ටනාකා අකිහිකෝ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව නව එඟතාවට පැමිණ තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව ‘ජයිකා’ ආයතනයේ සභාපති ටනාකා අකිහිකෝ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *