ඖෂධ මිල සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

ඖෂධ වර්ග  60කට අදාළව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 19 වන දිනට අදාළවය.

ඒ අනුව ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *