ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවති තුන්වන T20 තරඟයෙන් තරඟ පහකින් සමන්විත T20i තරඟාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
COVID-19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ඉදිරිපෙළ පන්දු යවන්නන් වන වනිදු හසරංග සහ බිනුර ප්‍රනාන්දු නොමැතිවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ සිය නියමිත පන්දුවාර 20 තුළදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 121ක් පමණි.
පන්දු යැවීමේ දී නුවන් තුෂාර ආබාධයකට ලක්ව එක් ඕවරයක් යැවීමෙන් පසු පිටියෙන් ඉවත් වීම නිසා ඔවුන් තවත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය.
ශ්‍රී ලංකාව ලබාදුන් ඉලක්කය පහසුවෙන් හඹාගිය ඔස්ට්‍රේලියාව කඩුලු 6කින් තරගය ජයගෙන තරගාවලියට හිමිකම් කීවේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙක ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.