නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මාසය වනවිට එම මුදලින් රුපියල් කෝටි 770 කට අධික මුදලක් වැය කර ඉදිකර තිබුණේ නිවාස ඒකක 7744ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
නිවාස ඒකක 75 ක ඉදිකිරීම් අත්හිටුවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණැයි පැවැසෙන්නේ “ ඔබට ගෙයක් රටට හෙටක්” තේමාව යටතේය.