ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිකිරීමේ නිර්දේශ අද දිනයේ නිකුත් කෙරේ

ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ නිර්දේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.

සුපිරි වෙළෙඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ නිර්දේශ සහ නිරීක්ෂණ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇත.

මුදල් අමාත්‍යංශය ලබාදෙන නිර්දේශවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *