ඔන්ලයින් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් ට තර්ජන

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පාර්ශවයක් විසින් තර්ජනය කරන්නේ නම් ඒ පිළිබඳව සෘජුවම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.

ඊට අමතරව 119 දුරකතන අංකයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානවලට මේ සම්බන්ධයෙන් පැමිණිලිකිරීමේ හැකියාව පවතී.

එම පැමණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී අත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *