එලිසබෙත් ඇලන් මහත්මිය ලංකාවේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ, ඇලන් මහත්මිය අද (19) දින කොළඹදී විශේෂ දේශනයක් පවත්වනු ඇති අතර, එය සංවිධානය කරනු ලබන්නේ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසිනි.

පසුගිය 18 වැනිදා එලිසබෙත් ඇලන් මහත්මිය මෙරටට පැමිණියේ ජෝර්දානයේ කළ සංචාරයකින් පසුවය. ඇය උණුසුම් ලෙස පිළිගනු ලැබේ මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් මහත්මිය විසිනි.

ශ්‍රී ලංකා සංචාරයේ දී එලිසබෙත් ඇලන් මහත්මිය, ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතරේ ඇති මිතුදම් ශක්තිමත් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මෙරට රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, අන්තර් ජාල ඩිජිටල් නිර්මාණකරුවන් සහ තරුණ නායකයන් හමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *