එජාප කමිටුවට ඇතුලෙන්ම කකුලෙන් ඇදිල්ලක්

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම තෝරා ගත් කණ්ඩායමක් (කමිටුවක්) විසින් සිදු කිරීමට තීරණය වී තිබියදීත් සුළු පිරිසක් ඊට බාධා වන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණිලි ලැබී තිබේ.

පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා මෙලෙස නම් කරනු ලැබුවේ පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් නම් කිරීමට පත්කරනු ලැබූ කණ්ඩායමයි.

පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් තේරීම ඉතා සාර්ථකව සිදු කිරීමට මෙම කමිටුව ක්‍රියා කිරීම නිසා පක්ෂගේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමත් මෙම කමිටුවටම පැවරීමට තීරණය කෙරිණි.

එය අනුව ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ මෙම කමිටුව වාර ගණනාවකදීම හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.

එසේ තිබියදී මෙම කමිටුවේ කටයුතු  කටයුතු වලට බාධා වන ආකාරයේ ක්‍රියා කාරකම් වල සුළු පිරිසක් නිරත වන බවට එජාප මූලස්ථානයට ලැබුණු  පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලන බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *