කන්කසන්තුරය සහ ඉන්දියාව අතර බෝට්ටු සේවාව බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක නොවන්නේ ඉන්දීය පාර්ශ්වයෙන් සිදුව ඇති ප්‍රමාදයක් හේතුවෙන් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
KKS වරාය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව රුපියල් මිලියන 570ක් ආයෝජනය කළ බවද අමාත්‍යවරයා පැවසීය.
“අපිට එක අතකින් අත්පුඩි ගහන්න බෑ. බෝට්ටු ගමනාගමනය සඳහා ඉන්දියාවේ සහාය අවශ්‍යයි. ඒ සඳහා යාත්‍රා සපයා ගැනීම ඉන්දියාව තමයි බාරගත්තේ. නමුත් ඒ පැත්තේ යම් පමාවක් තිබෙනවා .”
වරාය සහ ගුවන්තොටුපොළ රජයේ පාලනයෙන් මුදවාගැනීම අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ කොළඹ වරාය ආශ්‍රිතව තවත් කන්ටේනර් පර්යන්ත 04ක් ඉදිකළ හැකි බවයි.
ඒවායේ ආයෝජනය සඳහා පෞද්ගලික අංශය දිරිමත් කළ යුතු බව ද ඔහු සඳහන් කර ඇත.
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී මෙම කරුණු ඉදිරිපත් කළේය.