තිලංග සුමතිපාල මහතාට නීති විරෝධී ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස පෙනී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා නොවන බවයි.
“ඔහුට නීත්‍යානුකූලව එවැනි තනතුරක් ලබාදීලා නැහැ.ඒ පත්කිරීම සම්බන්ධයෙන් මම අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා.මෙම නඩුව අවසන් වනතුරු ඔහුට හෝ මට එම තනතුර භාවිත කිරීම වළක්වන ලෙස අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.ඒ වගේම මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ලිපියක් එවා තිබෙනවා.” ඔහු පැවසීය.
“තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා යැයි කියමින් වරදක් කරනවා.ඒක අධිකරණයට අපහාස කිරීමක්.ඉතින් මම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
“එයාටවත් මටවත් එහෙම කරන්න අවසරයක් නැහැ.ඒ වගේම අධිකරණ තීන්දුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාව දුන්නු ලිපියෙන් පස්සේ මම කිසිම දවසක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මගේ අදහස ප්‍රකාශ කර නැහැ.නමුත් මට එජනිස මහලේකම්වරයා ලෙස නීත්‍යානුකූල පත්වීමක් තිබෙනවා. මේ සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරයා විසින් ඇති කළ ප්‍රශ්න” යැයිද අමාත්‍ය අමරවීර මහතා පැවසීය.
“එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සිටි කිසිම පක්‍ෂයක්, සංවිධානයක් දැන් ඔවුන් සමඟ නැහැ. ඒ සියලු දෙනාම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා එයාලට තියෙන්නේ සන්ධානය කියලා පෙන්වන්න බෝඩ් ලෑල්ල විතරයි. ඒ වගේම මේ කණ්ඩායම ඒකාබද්ධ කරන්න හදනවා. එ.ජ.නි.ස සමගි ජන බලවේගය (SJB) සමග එදා සිටම උත්සාහ කරනවා නමුත් අපි ඒකට අවස්ථාවක් දෙන්නේ නැහැ.
“ඔවුන්ට පෞද්ගලිකව ගිහින් SJB එකට හෝ වෙනත් පක්ෂයකට යන්න පුළුවන්. අපි අතර කිසිම බාධාවක් නැහැ” අමරවීර පැවසීය.