එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා යාමට සිටින අයට පණිවිඩයක්

තම රටට පැමිණීම සහ පිටත්වීම අත්හිටුවමින් පනවා තිබූ තාවකාලික තහනම රටවල් කිහිපයක පුරවැසියන් සඳහා ලිහිල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, නයිජීරියාව, නේපාලය සහ උගන්ඩාව ඇතුඵ රටවල් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ තාවකාලික සංචරණ තහනම ලිහිල් කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

එම රටවල්වලින් පැමිණෙන අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට හෝ ඒ හරහා යෑමට අවසර ලැබෙයි.

එසේ පැමිණෙන මගීන් එරටට ඇතුළත්වීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කළ යුතු අතර අදාළ මගියා පිටත්වීමට පැය 48කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත්කළ යුතුය.

එම තීරණය හෙට සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *