එක්කෝටි 44 ලක්ෂයක් වටිනා අයිස් සමග අහුංගල්ලේ සංජීවගේ අනුගාමිකයෙකු අත්අඩංගුවට

අහුංගල්ලේ සංජීවගේ අනුගාමිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත වැලිපැන්න පොලීසිය මගින් සිදු කළ වැටලීමකදීයි.

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු වැලිපැන්න හා අලු‍ත්ගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන යන බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  900කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 44 ලක්ෂයක්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන වැලිපැන්න වළගෙදර ප්‍රදේශයේ පදිංචි ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව මනු කියවන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *