එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 6 දා සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම මෝටර් රථයේ කොටස් කීපයක් පොලිසිය භාරයට ගනු ලැබීය.
ඒ අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් කළ දැනුම්දීමකට අනුව අද ප්‍රකාශයක් ලබාගැනීම සදහා එම කොට්ඨාසයට සැකකරුවන් පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.