“එකම රටක් – එක නීතියක්” සංකල්පය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය මාස තුනකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කාර්ය සාධක බලකායේ කටයුතු ඊයේ (පෙබරවාරි 28) අවසන් වීමට නියමිතව තිබූ අතර, එහි කාලය දීර්ඝ කිරීමට ජනාධිපති ලේකම් ගාමිණී සේනාරත්න මහතා විසින් තීරණයක් නිකුත් කරන ලදී.
උක්ත කාර්ය සාධක බළකායට පැවරී ඇති කාර්යය නිසි ක්‍රියාකාරී සැලැස්මක් තුළ කාර්යක්ෂමව නිම කිරීමටත්, දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජනතාවගේ සහ විද්වත් මණ්ඩලයේ අදහස් ලබා ගැනීමටත් දීර්ඝ කිරීමේ තීරණය ගෙන ඇත.