කළුතර මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිටී කොස්තාපල්වරයාට පහර දීම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කිතුලාව ප්රදේශයේ පදිංචි අඹුසැම් යුවලක් බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයේ පැවතී නඩුවකට පෙනී සිටීමට සිය බිරිඳ සමග පැමිණ ඇති අතර, ඔහු උචිත නොවන ඇඳුමකින් සැරසී ඇති බවට ප්රධාන දොරටුවේ සිටි කොස්තාපල්වරයා දැනුම් දීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ කතාබහකින් අනතුරුව පහරදීම සිදුව ඇති බව පොලිසිය කීය.
පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා කළුතර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවත්, සැකකාර යුවල ඇප මත මුදා හැර ඇති බවත් සදහන් වේ.
කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .