උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 20 දා ඇරැඹෙයි

2023(2024) අ.පොස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ එළ‍‍ඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෞන්දර්ය විෂය ධාරාවන් සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය මෙලෙස පැවැත්වීමට නියමිතව ඇත.

මෙම විෂයනිට අදාළ ප්‍රවේශපත් පාසල් අයදුම්කරුවන්ට අදාළව පාසල් විදුහල්පතිවරුන් වෙතද  පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් තම අයදුම්පතෙහි සදහන් ලිපිනයට තැපෑලෙන් ලැබීමට සලස්වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේත්තුව වෙබ් අඩවිය (www.donets.lk ) මගින් ප්‍රවේශපත් බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *