2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය සඳහා සමස්ත අයැඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඒ පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් වශයෙනි.
විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබේ.