බඳවා ගැනීම්, පුහුණුව, යෙදවීම, විශ්‍රාම ගැන්වීම ආදී සියලූ අංශ පිරිමි පොලිස් නිලධාරීන්ට සමාන වුවත් උසස්වීම් ලැබීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවක් අනාවරණය කරයි.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් කිරීම් සහ කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා වන නිර්දේශ සොයා බලා වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය. ප්‍රනාන්දුපුල්ලේ.
වසර විසි හයක සේවා කාලය සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර හතරක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92 දෙනකු සිටින නමුත් ඔවුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනාගෙන නොමැති බව අනාවරණය විය.
මෙම කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ වැටුප් මට්ටම පිරිමි නිලධාරීන්ට සමාන වන අතර එකම පුහුණු පාසලක වෙනසක් නොමැතිව එක්ව පුහුණුව ලබා දෙන අතර පුහුණුවෙන් පසු යෙදවීමද වෙනසක් නොමැතිව ඒ ආකාරයෙන්ම සිදු කෙරේ. විශ්‍රාම යන ක්රමයද එසේමය.
නමුත් පිරිමි නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී පුරප්පාඩු සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් සෑම අවස්ථාවකදීම පුරප්පාඩු සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දෙන්නේ කාන්තා නිලධාරිනියන් පමණක් බවත් අගතියට පත් පොලිස් නිලධාරීන් පෙන්වා දුන්නා.
මෙම ගැටලුවට මෙතෙක් පිළියමක් ලැබී නොමැති බවත්, එම නිසා ජ්‍යෙෂ්ඨත්වය අඩු පිරිමි නිලධාරීන්ට උසස්වීම් ලැබෙන අතරේ කාන්තා නිලධාරිනියන්ට දීර්ඝ කාලයක් එකම තනතුරේ සිටීමට සිදුව ඇති බවත් මෙහිදී අනාවරණය විය.
තවද මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ 15%කට වඩා කාන්තා නිලධාරිනියන් සිටින බැවින් සියලුම තනතුරු සඳහා 15% කාන්තා නියෝජනය සඳහා පුරප්පාඩු ඇති කිරීමට යෝජනා විය.
පවතින ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම, යම් උසස්වීම් ක්‍රමයක් සකස් කිරීම, අදාළ තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන නිලධාරීන් ඉහත ක්‍රමවේදය සකස් කර හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයක් තුළ උසස්වීම් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
නව පුරප්පාඩු ඇති කිරීම සඳහා වන යෝජනා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ.
පොලිස් සේවයේ සමස්ත බලඇණියෙන් 15%ක් දැනට කාන්තා නිලධාරිනියන් විසින් සේවය කරන බැවින් මෙම ගැටලුව විසඳීම සඳහා පවතින පුරප්පාඩුවලින් 15%ක් කාන්තා නිලධාරිනියන් සඳහා වෙන් කළ යුතු බවට කමිටු සභාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.