උෂ්ණත්වය අද දරුණු වෙයි

මධ්‍යම පළාත, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට දිවයිනේ සෙසු සියළුම ප්‍රදේශවල අද (21) මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ඉන් වන බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම සහ සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම ආදිය කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *