උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක් වූ බවත් එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500 ක් පාඩු වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

සාම්පූර් විදුලි බලාගාරයට ඉදිරිකිරීමට නොදීමෙන් ශ්‍රී ලංකාව වසරකට රුපියල් කෝටි 3,200 බැගින් පාඩු ලබන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *