උමා ඔයෙන් මෙගාවොට් 60ක් ජාතික විදුලිබල පද්ධතියට

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ සිට එම විදුලි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ බවය.

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට කිරීමට නියමිත අතර ව්‍යාපෘතියේ දෙවන අදියර පෙබරවාරි මස මැද භාගයේ දී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන්ය.

දේශපාලන ව්‍යාපාර සංවිධානය කළ විරෝධතා, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන හේතූන් මත ව්‍යාපෘතිය අවසන් කිරීම ප්‍රමාද වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *