විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් එම ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බවත් හිටපු ජනාධිපති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම, මෙවන් ව්‍යාපෘතීන් තුළින් ජනතාවට ලැබෙන විශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ අදාල ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සොයාගෙන එය මහපොළවේ යතාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇතැයි ද එම නිවේදනයෙන් කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපජෂ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.