ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවන සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතය.
ඔහු පසුගිය 2020 මහ මැතිවරණයේදී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු පෙරමුණෙන් වැඩිම මනාප ගත් අපේක්ෂකයාය.හෙතෙම එම මැතිවරණයේදී ලබා ලබා ගත් මනාප සංඛ්‍යාව 38,000කි.
හිටපු බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍යවරයකු (2013) වන මුතු කුමාරණ මහතා උතුරු මැද කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දැනට කටයුතු කරයි.
උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත
ඇය මෙම දැනුම් දීම කර ඇත්තේ1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරවය.
මේ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරි දිනවල නව මන්ත්‍රීවරයා පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇත.