උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර එකතු කිරීම ජනපතිගේ අරමුණ බව මහාමාර්ග ඇමති පවසයි

අධිවේගී මාර්ග හරහා උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර එකතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා මහතා හමුවූ අවස්ථාවේදී මහමාර්ග අමාත්‍යවරයා ඒ බව පවසා ඇත.

මෙම හමුවට එක්වී සිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්ය චෙන් චෙන් පෙන්වා දී ඇත්තේ දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතා මාර්ග (I Road) ව්‍යාපෘතිය ඉතා සාර්ථක බවත් බංගලාදේශය හා ඉන්දියාවේ ග්‍රාමීය මාර්ග සඳහා භාවිත කරන්නේද එම (I Road) මොඩලය බවත්ය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ආරක්ෂාව, තදබදය කළමනාකරණ වැඩසටහනක් අලුතින් ආරම්භ කිරීම හා තවත් මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *