උතුරුමැද පළාත් ආයුරිවේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඒ මහතාගේ නිවෙසේදීම ඇයිඩ් ප්‍රහාරයක් එල්ල කර පූර්ණ අන්ධභාවයට පත් කර අල්විස් මහතා මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ හමුදා සෙබළකුට සහ මාළු වෙළෙන්දකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා වසර 30 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
රුපියල් ලක්ෂය බැගින් දඩ සහ වින්දිත උතුරුමැද පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමටද විත්තිකරුවන්ට නියම විනිසුරුවරයා එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර වසර 05 බැගින් ඔවුන්ට සිරදඬුවම්ද නියම කළේය. විත්තිකරුවන් සමගම චෝදනා ලැබ සිටි නඩුවේ පළමු විත්තිකරු වන මින්නේරිය හබරණ පාර මෙත්සුව ලිපිනයේ ආයුර්වේද වෛද්‍යවරයකු වූ සුසිරි කුමාර වික්‍රමසිංහ නැමත්තාට එරෙහි චෝදනා පැමිණිල්ලෙන ඔප්පු කර නැති බව තීරණය කරමින් චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා නඩුවේ ඉතිරි විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන්ට දඬුවම් නියම කළ අතර වසර 30ක සිරදඬුවම වසර 15ක කාලයකින් ගෙව යන අන්දමට ක්‍රියාත්මක කිරීමට ද නියම කළේය.
චෝදනාවලට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මින්නේරිය මදරජඇල පදිංචි හිටපු යුද හමුදා සෙබළකු වන ඒ.ඩබ්ලිව්. නුවත් කුමාර සහ වතුරගම එතගලබඩ පදිංචි මාළු වෙළෙන්දකු වන ඩබ්ලිව්.ඒ. කේක්ෂිත හෂාන් යන දෙදෙනාටය. 2013 පෙබරවාරි 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුරයේදී උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාගේ නි වෙසේදී ඒ් මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර බරපතළ තුවාල කර මරා දැමීමට තැත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව විසින් නඩු නීතිපතිවරයා පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී දඬුවම් නියම වූ විත්තිකරුවන් දෙදෙනා තම පියාට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බව පවසමින් උතුරුමැද පළාතේ ආයුර්වේද කොමසාරිස්වරයා වශයෙන් රාජකාරි කරමින් සිටි වින්දිත වෛද්‍ය කුමාර අල්විස් මහතාගේ නිවෙසට 2013 පෙබරවාරි 22 දින අලුයම 4.45 ට පමණ පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේ පිටතට පැමිණි කුමාර අල්විස් මහතාට විත්තිකරුවන් ඇසිඩ් ප්‍රාහාරය එල්ල කර ඇති බවත් එම ඇසිඩ් ප්‍රාහාරයෙන් පූර්ණ අන්ධභාවයට පත්වූ අල්විස් මහතාගේ මුහුණට සහ ශරීරයට බරපතළ තුවාල වී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය. අපරාධය සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබුණු පසු විමර්ශන බාරවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක
ආර්.එම්. අයි.ජී. රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සතියක් වැනි කෙටි කාලයක් තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇසිඩ් මිලදීගත් කිරිඳිවැල ප්‍රදේශයේ වෙළෙඳසල සහ ප්‍රහාරය සඳහා සැකකරුවන් නිට්ටඹුවේ සිට අනුරාධපුරයට පැමිණීම සඳහා කුලියට ගත් යතුරු පැදියද සොයා ගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
පළමු විත්තිකාර ආයුර්වේද වෛද්‍ය සුසිරි කුමාර වික්‍රමසිංහ නැමති ආයුර්වේද වෛද්‍යවරයාගෙන් තමන්ට මරණීය තර්ජන සහ අභියෝග ඇති බව වින්දිත කුමාර අල්විස් මහතා සාක්කි දෙමින් පැවසුවත් ඔහු ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබූ බවක් නඩු විභාගයේදී අනාවරණ නොවූ බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා ඔහු සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබී තිබුණේ නම් ඔහුට අදාළ තීන්දුව මීට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇතැයිද සඳහන් කළේය. 02 සහ 03 වැනි විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වාචික සහ පරිවේෂණීය සාක්කි මගින් සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ලෙන් ඔප්පු කර ඇතැයිද පළමු
විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්ව තීරණය නැතැයිද කළ විනිසුරුවරයා පළමු විත්තිකරු චෝදනා වලින් නිදොස් කර නිදහස් කළේය. නඩුවේ 02 සහ 03 වැනි විත්තිකරුවන්ට එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා දෙකට වසර 30 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම දඬුවම් වසර 15ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.පළමු විත්තිකාර ආයුර්වේද වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ එම්.අයි. මිලිදු සරත්චන්ද්‍ර මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර දෙවැනි සහ තුන්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ආනන්ද ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.