‘ඊ ටිකට්’ ගැන මගීන්ගෙන් පොලිසිය ප්‍රකාශ ගනී

දුම්රිය දෙපාර්තමේන්තුව අන්තර්ජාලය හරහා නිකුත් කරන දුම්රිය ප්‍රවේශපත් ‘ඊ ටිකට්’ වංචාව පිළිබඳ පරීක්‍ෂණයට අදාලව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මගීන් 100 කට අධික සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන්කරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘ඇල්ල ඔඩිසි’ දුම්රිය ඇතුළු ප්‍රධාන දුම්රිය හතරක මගීන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන්කරගත් බවත් ප්‍රකාශ දුන් පිරිස අතර විදේශ සංචාරකයන් රැසක් ද සිටින බවත් එම නිලධාරියා කීය.

එම ප්‍රකාශ දුන් විදේශිකයන් ඇතුළු මගීන්ගෙන් බොහෝ දෙනෙක් අතරමැදියන්ගෙන් ‘ඊ ටිකට්’ මිලදී ගෙන තිබූ බව කී එම නිලධාරියා ඒ අතරින් බොහෝ දෙනෙක් රුපියල් 25,000, 30,000 වැනි ඉහළ මිලට ‘ඊ ටිකට්’ මිලදී ගෙන තිබූ බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *