ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10.00 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක නව මිල රුපියල් 80කි.
ඊයේ පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේ පාන් ගෙඩියක මිල අවම වශයෙන් රුපියල් 100ක් පමණ විය යුතු නමුත් එම සංගමය තීරණය කළේ රුපියල් 10කින් පමණක් වැඩි කිරීමට බවයි.
මේ අතර, පිටි නිෂ්පාදකයින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18.50කින් ඉහළ දමා ඇති බව තොග වෙළෙන්දෝ පවසති. පසුගිය දින කිහිපයේ තමන්ට පිටි තොග නොලැබුණු බවත් ලැබුණු පසු තොග මිල ඉහළ දමා ඇති බවත් ඔවුහු පවසති.
තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ කොත්තු සහ බිත්තර රොටී ඇතුළු කෙටි කෑම වර්ගවල මිල අද සිට ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.