රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පැවසීය.
මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් රැකියාදීමේදී පාරදෘෂ්‍යභාවයක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීම පිළිබඳ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉතා වැදගත් එකක්. මෙහිදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුවෙනවා. සලකා බලන්න පුළුවන් යෝජනාවක්. උපාධිය මූලික සුදුසුකම් වෙන පුරප්පාඩු මෙතනින් බැහැර කරන්න වෙනවා.
බැංකුවලට බඳවා ගන්න සාමාන්‍ය පෙළ විභාගයේ එකවර සම්මාන පහක් තියෙන්න ඕන. එතකොට ඉසඩ් අගය කොච්චර තිබුණත් ඕලෙවල් සම්මාන පහක් නැත්නම් බඳවා ගන්න බැරිවෙනවා. කළමනාකරණ සේවය, ග්‍රාම සේවක සේවය යන තනතුරුවලදී මේක සලකා බලන්න පුළුවන්. මේ ක්‍රමය යොදා ගැනීමෙන් පාරදූෂ්‍යභාවය වැඩිවෙනවා. පුළුවන් තරම් ඉහළට ඉසඩ් අගයක් ගන්නත් දරුවන් උනන්දු වෙනවා. මේ යෝජනාව අපිට සලකා බලන්න පුළුවන්.
අපොස උසස් පෙළ විභාගයේදී සිසුන් ගන්නා ඉසෙඩ් කෝ ලකුණු මත රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු යැයි සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට ඊයේ (12) ඉදිරිපත් කළේය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයට ගැනිණ.
ඩලස් අලහප්පෙරුම මහතා විවාදයේදී මෙසේ පැවසීය.
රැකිය ලබාදීමේදී දක්ෂ සහ සුදුසුකම් සහිත දරුවන්ට අවස්ථාව හිමි කළ යුතුයි. සියලුම ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේදී මෙය සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්. තරුණ නැගිටීම් තුනක් ඇතිවුණු රටක් මේක. තරුණ අසහනයට පිළියම් ලෙස යෝජනා රැසක් ඉදිරිපත් වුණා. මැතිවරණ වෙළඳපොළේ ඉහළම ලංසුව අද ලැබෙන්නේ රැකියාවට. බදුල්ලේ දැනුත් රැකියා පෝරම බෙදනවා. ඒ තත්වය යම් විදියකට මුළුනුපුටා දැමීමට තමයි මම මේ යෝජනාව කරන්නේ. දේශපාලනඥයන් තමන්ගේ හිතවතුන්ට රැකියා ප්‍රදානය කිරීම අලුත් දෙයක් නොවෙයි. විලාසිතාවක් නොවෙයි. මෙතැනදී සුදුසුකම් තියෙන අය පැත්තකට යනවා. මේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තියන්න ඕන. තරුණ පරපුර පහුගිය කාලෙ ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. මේ වෙනස නිකන්ම එන්නේ නැහැ. අප මැදිහත් වෙන්න ඕන.