ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය.
ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිසගේ දේහයන් ටෙහෙරානයේ ආසාදී චතුරස්‍රය වෙත රැගෙන ගියේ ඊයේ පස්වරුවේදීය.
මියගිය ඉරාන ජනාධිපති ඇතුළු පිරිසට අවසන් ගෞරව දැක්වීමට රටවල් 68ක නායකයින් එක්ව සිටියහ.
මෙරට විදෙස් කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූයේය.
රයිසි ජනාධිපතිවරයාගේ නිල අවමංගල්‍යයට එක්වු හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි හමුවුණි.
රයිසි ජනාධිපතිවරයාගේ දේහය අද පෙරවරුවේ දකුණු කොරසාන් ප්‍රාන්තය වෙත රැගෙන යනු ඇත.
ඒ රයිසි ජනාධිපතිවරයා, මීට පෙර අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු කළ එම ප්‍රාන්තයේ කටයුතු කිරීම හේතුවෙනි.
ජනාධිපතිවරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ දී ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වෙනවා.
මේ අතර ගුවන් අනතුරින් මියගිය විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේදී ඔහු උපන් නගරයේදී පැවැත්වෙනු ඇත.