ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්සියුලින් හිඟයක් පවතින බවත් ජාතික අවශ්‍යතා සපුරාලිය හැක්කේ තවත් දින 10 කට පමණක් බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සිදුකරන ප්‍රචාරවලට පිළිතුරු දෙමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජයතිස්ස මහතා මේ බව කීවේය.