ඉන්ධන මිල මෙම මස සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 371 ක, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 456 ක, ලංකා ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 468 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 262 ක තව දුරටත් පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් සදඟන් කළේය.
එමෙන්ම ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලද මෙම මස සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගම පැවසීය.
ලෝක ගෑස් වෙළෙඳපොලේ මිල පසුගිය මස වෙනස් නොවීම හේතුවෙන් මාර්තු මස සංශෝධනය නොක බවත් ඒ හේතුවෙන් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 4,250 ක, කිලෝ 5 සිලින්ඩරයක් රුපියල් 1,707 ක සහ කිලෝ 2.3 සිලින්ඩරයක් රුපියල් 795 ක තව දුරටත් පවතින බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.