ඉන්ධන මිල පහළට

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 293 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 341 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 274, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 325 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක් බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *