ඉන්ධන මිල පහළට

මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රයේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්ද පහළ දමා ඇැතයි එම නිවේදයේ සඳහන් වේ. ඒ අනුව ඔක්ටෙන් 92 නව ලීටරයක මිල රුපියල් 355කි.

ලංකා සිදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317කි.

භූමිතෙල් නව ලීටරයක මිල රුපියල් 202කි.  ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිල සංශෝධනය කර නොමැත.

ලංකා අයි.ඕ.සී සමාගම ස සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *