ඉන්ධන මිලදී ගැනීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහාය ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍යවරයා සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කර්මාන්ත අමාත්‍යවරයා අතර එම සාකච්ඡාව සිදුවී ඇත.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුවී ඇති අතර ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් අමාත්‍ය සුල්තාන් අල් ජාබර් මහතාට සිය ස්තූතිය පළකළ බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.