ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්

කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුව ත්‍රී පුද්ගල කමිටුවක් පත් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා පැවසීය.

දුම්රිය මාර්ග, ධාවනබල හා මෙහෙයුම් යන අංශ පිළිබඳ ඉංජිනේරු ප්‍රධානින් ගෙන් මෙම ත්‍රී පුද්ගල කමිටුව සමන්විත වේ.

මෙම කමිටුව මුල් වරට ලබන සදුදා රැස්වන අතර සති දෙකකින් සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්ධන දුම්රියේ වන අලි රංචුව ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තවත් අලියෙකු බර පතල ලෙස තුවාල ලබා ඇත.

වන අලි රංචුව හැපුණු ස්ථානයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් දුම්රිය ධාවනය කරන ලෙස සදහන් පුවරු සවිකර ඇති බවත් එසේ තිබියදී ඊට වඩා වැඩි වේගයකින් දුම්රිය ධාවනය කර ඇත්දැයි සොයා විමර්ශනයක් සිදු කිරීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *