ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.