වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් ඉහළ යන බොරතෙල් මිලත් සමඟ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඇති හොඳම ක්‍රමය හැකි සෑම ආකාරයකින්ම ඛනිජ තෙල් භාවිතය අවම කිරීම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
වෙළෙඳපොළ මිලට අනුව ඉන්ධන මිල ඉහළ දැමුවහොත් අඩු ආදායම්ලාභීන්ට දැඩි බලපෑමක් එල්ල වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් අත්‍යාවශ්‍ය පරිහරණය සඳහා ඉන්ධන සැපයීමෙන් ඉන්ධන භාවිතය පාලනය කරන ලෙසත් ඉහළ ඉන්ධන පාරිභෝගිකයින් වැඩි මුදලක් අය කිරීම මගින් අධික ලෙස භාවිතය සීමා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා යෝජනා කළේය.
එමගින් රජයට ජාත්‍යන්තර ඉන්ධන මිලදී ගැනීම් අඩුකර ගැනීමට අපේක්ෂා කළ හැකි බවත් ඒ නිසා විදේශ සංචිත සංරක්ෂණය කර ගැනීමට හැකිවන බවත් ඔහු පැවසීය.