ඉන්දූ -ශ්‍රීලංකා මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කරයි

තාවකාලිකව නතර කර තිබූ ඉන්දු -ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ඉන්දියාවෙ නාගපට්නම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මෙම මගී යාත්‍රා සේවාව ක්‍රියාත්මක කෙරේ.

ඊයේ යලි මගී යාත්‍රා සේවාව ආරම්භ කෙරෙමින් ඉන්දියාවේ සිට මගින් 83 දෙනෙකු පැමිණි බවත් මෙරටින් මගීන් 89 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය බවද අධිකාරිය සදහන් කරයි.

මෙම මගී යාත්‍රා සේවාව අගහරුවාදා හැර සෙසු දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *