ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ගනිමින් පැය 48 ක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වූ බව නිවේදනය කළේ ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බවත් මධ්‍යස්ථ ස්ථානය පුළුල් පරාසයක සිට ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත්ය.
තමන් කඩිනමින් සටන් විරාමයකට යොමුඅ වුණු බව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් ඩාර් ද පවසා ඇත. සටන් විරාමය ඉන්දියා වද තහවුරු කර ඇති අතර ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත්තේ ඒ අනුව සියලු ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර නැවැත්වූ බවය.