ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවිය.
ජයශංකර් මහතාගේ නව ධූර කාලය තුළ ප්‍රථම විදේශ සංචාරය සඳහා අප රටට පැමිණීම සතුටක් බව අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
මෙම හමුවේ දී දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළ අතර ඒවා තවදුරටත් වැඩිදියුණු කිරීමට ද එකඟ විය.
ඉදිරියේදී ජාත්‍යන්තර බහුපාර්ශ්වික සංසදවල දෙරටම වඩාත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡා විය.