යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ අනතුරක් හේතුවෙන් එම සෙබලා මිය ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.
ඩෙල්ෆ් මුහුදු සීමාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු උතුරු නවික විධානයට අයත් යත්‍රාවකට අනවසර ඉන්දීය ධීවර ට්‍රොලර් යත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල යත්‍රාව ඇති ස්ථනයට ගොස් පරික්ෂා කිරීමේදී එහි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සිට ඇත.
අදාල ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගැනීමට උත්සහ ගත් නවික සෙබලෙකු නවික යත්‍රාව සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අතරට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ නාවික සෙබලා කංකසන්තුරෙයි ධීවර ජැටියට රැගෙනවිත් නාවික සෙබලා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.