ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලයට පැමිණෙනු ඇති අතර එහිදී ඛනිජ තෙල් නිෂ්පාදන හුවමාරු කිරීම සඳහා දෙරට සම්බන්ධ කරන නල මාර්ගයක් ස්ථාපිත කිරීමේ අවසන් අරමුණ ඇතිව ඉන්දියාව උපායමාර්ගික ආයෝජන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඔහු සැප්තැම්බර් 2 වැනිදා හෝ 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
මෙම සංචාරයේදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙම සංචාරය වැදගත් වන්නේ එය ගොඩබිම් පාලමක් සහ ජාතික ජාල අන්තර් සම්බන්ධතාව ඇතුළු සම්බන්ධතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉහළම මට්ටමින් එකඟ වී ඇති සන්දර්භය තුළ සිදු වන බැවිනි.
මීට අමතරව, ඉන්දීය අමාත්‍යවරයාගේ සංචාරය සැලසුම් කර ඇත්තේ චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ පැමිණීමට පෙරය. ඉන්දියාව දැනටමත් ඒ ගැන කනස්සල්ල පළ කර ඇත. කෙසේ වෙතත්, චීන නෞකාවේ සංචාරය සඳහා ශ්‍රී ලංකාව තවමත් අවසර ලබා දී නොමැත.